ඇයි රත්තරන් හැමදාම මගේ හිත රිදවන්නේ.ඔයා දන්නේ නැති උනාට මම ඔයාට ගොඩාක් ආදරෙයි.මම ජීවත් වෙන්නේ ඔයා නිසා.මම දන්නවා ඔයාට මාව නැති උනොත් හිත හදාගෙන ජීවත් වෙන්න බෑ කියලා,
ඉතින් මෙච්චර අපි දෙන්නට දෙන්නා ළං වෙලා ඉද්දී ඇයි අපි දෙන්නා තරහා වෙලා ඉන්නේ. ඔයාගේ ඇස් දෙකේ තියන අහිංසක කම, ඔයාගේ කට හඬේ තියන මිහිරිකම, හදවතේ තියන ලස්සන, මම නොදන්නවා නෙමේ මැණික. මට කවදාවත් ඔයා එක්ක තරහා වෙලා ඉන්නවත් ඔයාගේ ඔය පුංචි සිතට දුකක් දෙන්නවත් බෑ. මම හැම වෙලාවකම් ඔයත් එක්කම ඉන්නේ එහෙම ඉන්නකොට මට කාලය යනවා දැනෙනේ නැති නිසා. ඒත් සමහර වෙලාවට ඒක ඔයාට කරදරක් වෙලා ඔයා මාත් එක්ක තරහා වෙනවා.ඉතින් ඒ වෙලාවට මට ගොඩක් දුක හිතෙනවා. පොඩ්ඩක් මං ගැනත් හිතන්න රත්තරන් ඔයාගේ අවංක ආදරය වගේම ඔයාවත් මට ගොඩක් වටිනවා. මට බයයි ඔයාව මට නැති වෙයිද කියලා.මගේ ආදරය නිසා ඔයාගේ ඔය පුංචි ඇස් දෙකෙන් කඳුළු බිංදුවක් හරි වැටුනා නම් අපේ ආදරයේ නාමයෙන් මට සමාවෙලා කවමදාවත් මාත් එක්ක තරහා වෙන්නේ නෑ , මාව තනිකරලා කොහෙවත් යන්නේ නෑ කියලා මගේ ඔළුවේ අත තියලා පොරොන්දු වෙන්න. ඔයාගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා කියන්න. ඉස්සර ඔයා කියනවා වගේ ඔයා මගේ ලෝකේ මම ඔයාට ගොඩාක් ආදරෙයි කියලා කියන්න.....
( සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු. සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු ...)
අදහස :- අමිල බංඩාර විතානගේ...
No comments:
Post a Comment