ආදරේයැයි කියා අනුරාගයෙන් | වෙලී |
ගෙතූ කවි මගෙ ලොවට බර වැඩියි | රන්මලී |
පසු කරන් ආ මගට හෙලූ දුක් | කදුලැලී |
වෙලී | |
ලෙඩ ඇදේ දුක් විදින අප්පච්චිටත් | නොදෙන |
රසැති සිල්ලර කෑම උඹේ දොළ දුක | නිවන |
හරි හම්බ කරගත්ත දේ නුඹට | දියකරන |
සහගහයි දෙවියනේ ජීවිතේ මම | ගෙවන |
පෑරුණට සිහිවෙද්දි අතහැරිය මුල් | අඩිය |
නුඹේ නිරුවත් ලොවට දියවුණා මගෙ | සවිය |
හැරදමා ආ දිවිය කියාදුන් මේ | සත්‍යය |
රිදෙව්වට කමක් නෑ අදුරු වී ඇත | දිවිය |
Thursday, 28 October 2010
·٠•●♥නුඹේ නිරුවත් ලොවට දියවුණා මගෙ සවිය ♥●•٠·
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment