සෙනෙහස පොදි බැඳ හදවත් පතුලේ
සුදු මල් පියවිලි අතුල මාවතේ..
අත් වැල් පටලා අනන්තය කරා
පිය මැන යන්නට සිහින දකින්නී..
පිපුන මලේ රුව නුඹ නොම දන්නී..
මල වට බමරිඳු රැඟුම් රඟන්නේ..
මිලින වුනොත් මල බමරිඳු හැර යයි
නුඹට තවම නෑ එය වැටහෙන්නේ..
සොඳුරු යොවුන් සිත රාගය නොරැඳේ..
නොඉඳුල් නුඹ සිත නුඹ රැකගන්නේ..
රුව සේ සුවඳ ද සුරැකි කුසුමමයි
සැමදා ලොව තුළ අගය ලබන්නේ.
අදහස:-චේජනා .

No comments:
Post a Comment