සොදුරු හද ගැඹ
රැදුන සෙනෙහස
රැගෙන මා වෙත
නිබද එනු මැන
සිසිල් සුළගක දැවටිලා…
අහස මම නම්
පොළව නුඹ විට
සදා නොමියෙන ප්‍රේම ගීයක් ඇත
හදේ පතුලේ ලියැවිලා…
රැගෙන ඔහු අත
වඩින දින ඔබ
මගුල් ඇදුමින් සැරසිලා
සදා මම ඉමි
සිහිල් සුළගක සැගවිලා…
නුඹට මතකද
දිනක් නුඹ මට
මිමිණු හැටි හදේ පතුලට ලං වෙලා
මා “හුළගක් වගේ” කියා…
එදා නොහැගුන අරුත එහි
අද ඇත මනා ලෙස මට වැටහිලා....
අදහස:- ලහිරු උදයංග
අදහස:- ලහිරු උදයංග

No comments:
Post a Comment