Wednesday, 3 November 2010

·٠•●♥ඔයාවයි මාවයි වෙන කරන්න ගොඩක් අය උත්සාහ කරා♥●•٠·

Grab this
මම ඔයාට ඇත්තටම ආදරය කරා.ඒත් ඔයා හැම වෙලාවකම  මාව ඔයාගෙන් ඈත් කරන්න උත්සාහ කරා. මම හිතුවේ ඔයාට මාව කරදරයක් කියලා . මම ඒක නිසා ඔයගෙන් ඈත් වෙන්න ඕනේ කියලා හිතුවා...
ඒත් මම දැනගෙන හිට්යේ නැහැ ඔයාගේ ආදරේ නැති උනාම මට මෙච්චර පාලුවක් දැනෙයි කියලා. අපි දෙන්නාගේ ආදරයට කොපමණ බාදක ආවාද ? ඉතින් ඒ හැම බාදකයක්ම ජයගෙන අපි දෙන්නා ඉස්සරහට ගියා. ඒ අපි දෙන්නා අතර තිබුනු විශ්වාසය නිසා. අපි දෙන්නට දෙන්නා ගොඩක් ලගින් ආදරය කරපු නිසා. අපි දෙන්නා ඒ වගේ ආදරෙන් ඉන්නවා බලන් ඉන්න බැරිකමට ඔයාවයි මාවයි වෙන කරන්න ගොඩක් අය උත්සාහ කරා, ඉතින් සමහර වෙලාවල් වලදී අපි කතා කරලා ප්‍රශ්ණ විසද ගත්තා. ඒත් ඒ හැම දෙයක්ම එක මොහොතකින් නැතිවෙලා ගියා. ඒ කට හේතුව මම ඔයාගෙන් ටික ටික ඈතට ගියා. ඒත් මම ඔයාට තිබුනු ආදරයේ අඩුවක් කරේ නැහැ. ඔයා හිතුවා මම ඔයාගෙන් ඈතට ගිහින් කියලා . ඔයා ඊට පස්සේ වෙනදාටත් වඩා මට ආදරය කරන්න ගත්තා. ඒත් මම හිතුවා ඔයාට මාව කරදරයක් වෙයි කියලා. මම ඔයාට ආදරේ කරාට ඒක අගවන්නේ නැතුව හිටියා. ඊට පස්සේ මගේ ආදරය ඔයාට නැති වේගෙන යනවා කියලා හිතලා ඔයා හැමදාම දුකෙන් හිටියා. පස්සේ මම දැන ගත්තා ඔයා මට ආදරය කරන්නේ අවංකවම මුලු හදවතින්ම කියලා. ඉතින් ඒ වෙනකොට මම ගොඩක් දුර ගිහින් .. ඒත් මට ඔයාගේ ආදරය නැතුව ජීවත් වෙන්න බැරි නිසා අපහු ඔයා ලගට එන්න හිතුනා.මම ඔයාව හොයාගෙන ඔයා ලඟට එද්දී ඔයා මේ ලෝකයෙන් සදහටම සමු අරගෙන. මගේ හිත පුපුරා කදුලූ ආවත් මට අඩන්නවත් ශක්තියක් නැතුව ගියා.
                                                                                අදහස:- අමිල බංඩාර...

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t