ඔයා තාමත් හිතන්නෙ මම ඔයාට ආදරේ නැහැ කියලද..? මගේ හිත තුළ මේ ඇතිවෙලා තියන වේදනාව එලියට නොපෙනුනාට ඔයා මට අවංකවම ආදරය කරනවා නම් ඔයාගේ හිතටත් මේ වේදනාව දැනෙනවා ...ඒත් ඔයා හැම වෙලාවකම මගේ හිතට දුකක් එන විදියේ දේවල් කරන්නේ මම ඔයාට අවංකවම මගේ පනටත් වඩා ආදරය කරපු නිසා වෙන්න ඇති. කාළය තියෙන්නේ මේ වගේ ප්‍රස්ණවලට තමා කියලා මට දැන් හිතෙනවා ,ඔයා මගේ ලගින් කොච්චර කාලයක් හිටියත් ඔයාගේ හිත වෙන කෙනෙකු වෙත යන්න මේ තරම් ඉක්මන් උනේ කොහොමද..? ඔයා මට කියපු කතා ඔයාට මතකද ..? කවදාහරි ඔයා මාව දාලා යනවා නම් ඒ ආදරය අවංක නැහැ කියලා.ඒත් දැන් ඔයාට මොකද ඒ ගැන කියන්න පුලුවන් , ඔයාගේ ආදරය අවංක නැහැ නේද ..? අදරය කියන වචනය ගොඩක් වටින වචනයක් වගේම ආදරය අවංකව කරපු කෙනෙකුට කවම දාවත් හිත හදාගෙන සතුටින් ඉන්න බැහැ ..මම අද මේ විදින දුක් ,මගේ ඇස් වලින් වැටෙන කදුලු නැවතිලා මටත් හිනවෙලා සතුටින් ඉන්න පුලුවන් දවසක් එනකන් මම මඟ බලාගෙන ඉන්නවා .මගේ ආදරයේ වේදනාව ඔයාට තේරෙනවානම් අද මට මෙහෙම කදුලු ගඟක ගිළිලා සතුට හොයන්න ඕනේ නැහැ. අපි දෙන්නා කොච්චර ඈතින් හිටියත් හිත්වලින් එකම තැනක හිටියා,,ඒත් දැන් මගේ තනියට ලඟ ඉන්නේ කදුලු විතරයි.... ඒත් මම තවමත් ආපහූ ඔයා මම ගාවට එයි කියලා මඟ බලගෙන ඉන්නවා.....
අදහස :- අමිල බංඩාර.....

No comments:
Post a Comment