නුඹ නමින් ඇති මතක සිතුවම්
අනේ මා සිත් දවන තරමක්
කිසිත් නොකියා සැඟව යන්නට
උනිද මාගෙන් නොදැන වරදක්
සොඳුරු පදවැල් එකින් එක ගෙන
නුඹේ පෙමට මා ලියූ කවියක්
සැණින් බොඳවී ගියා වියැකී
උනේ ඇයි නුඹ කඳුළු කවියක්
ඔබේ සෙනෙහසේ සුවඳේ දැවටී
ඇතත් කවි ගී සිතේ දහසක්
කෙසේ නම් මා කවි ලියන්නද
මසිත හඬවා ගෙනෙයි රිදුමක්....
අදහස:- අමා රණසිංහ

No comments:
Post a Comment