Tuesday, 7 December 2010
·٠•●♥ජීවීතේ දිවි ගඟුල නුඹ සමඟ පැදයන්න♥●•٠·
සඳ කැලුම් ගලන රෑ යාමේ
සඳ දියේ තෙමෙන්නට
මා සමඟ මුමුණන්ට
එනවාද කියන් මට.....
පිණි බිංදු ඉහිරෙනා
සීතළ අරුණෝදයේ
සිනා මුව දැකගන්න
එනවාද කියන් මට.....
ජීවීතේ දිවි ගඟුල
නුඹ සමඟ පැදයන්න
සිතතොසින් එක්වෙන්න
එනවාද කියන් මට.....
බිඳි සෙනෙහේ අරන් නුඹ
සසර ඉම තෙක් යන්න
අත් බැඳන් දුර යන්න
නුඹ නැවත එනවාද....
අදහස:- අමා රණසිංහ
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment