සීත අරණක නිමල සුවඳක්
රැගෙන යන විට සුළං පොදක්
නතර වී මගේ ළයට තුරුළුව
කණට කොඳුරයි ගීත තනුවක්
පුංචි කුටියක උන්නු මා හට
සිංදු කියනා ඔබේ නුවන් යුග
එන්න පවසයි ලංව ඉන්නට
හිරු නැගෙන තුරු පුරා තුන් යම
පිරුණු සඳකි නුඹ සිසිල කැන්දන
සිසිල විඳිනට නොහැක මා හට
සොයා එන්නේ කෙලෙස මා නුඹ
පුංචි පහනකි කුටිය තුළ මම
අදහස:-ටී.එච්. එම්. ඉන්දික නුවන්

No comments:
Post a Comment