Sunday, 12 December 2010
·٠•●♥පිපෙනා කුමුදූ මලී නොරිදවමි කිසිදා නුඹේ සිත♥●•٠·
පුංචි කවුළුවකින්..ගලනා
සඳ කිරණ අතරින්..රිංගා
කොමල හස පානා..රූබරී
පිපෙනා කුමුදු මලී...
සුවඳ විඳගන්නම්..හමනා
පහස නොපතන්නම්..රිදවා
සවිය වී ඉන්නම්..සැමදා
නටුව විලසින් මා...
නොලැබුනත් මතු දා..ඔබේ අත
නොරිදවමි කිසිදා..නුඹේ සිත
මතක අතරින් මා..සැම දින
නුඹව දැක ගන්නම්..රූබරී
පිපෙන කුමුදු මලී...
අදහස:- ටී. එච්. එම්. ඉන්දික නුවන්..
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment